එකැස් අම්මාගෙන් පුතුට ලිපියක්
ඇත්ත සුදු පුතේ මට එක ඇහැක් තිබුණෙ නෑ..
ඉස්සරත් මා එක්ක පාරෙවත් ගියේ නෑ..
උඹට ලැජ්ජයි නේද මට ඒකේ වගක් නෑ..
ඒත් මගෙ පුතේ උඹ එක දෙයක් දන්නෙ නෑ..
ලෝකයට මං උඹගෙ වැඩකාරි වූවාට..
සැප සොයා මා දමා සිදාදියෙ ගෑටුවට..
උඹෙ කටින් මට පුතේ අඳ ගෑණි කිව්වාට..
උඹ නිසයි එක ඇහැක් අහිමි වුණෙ අම්මාට..
ඉස්සරම දවසක් අදත් මතකයෙ ඇතී..
හුගක් පුංචියි උඹට නම් අමතකත් ඇතී..
සෙල්ලමට උඹ කළා දගකාරකම් නිතී..
කෝටුවක් ඇනී එක ඇහැක් වූවා නැතී..
උඹව මට ඇස් දෙකක් මුළු මහත් ලෝකයක්..
උඹේ දුක සුදු පුතේ වගෙයි මට මහමෙරක්..
දරන්නට බැරිවුණා අහිමි බව උඹෙ ඇහැක්..
ඒ නිසයි මගෙ ඇහැක් දුන්නෙ මං නෑ දොසක්..
මං උඹගෙ අම්මා බව ලෝකයට නොකිව්වත්..
වෛරයක් නෑ පුතේ මගේ තුන් හිතකවත්..
එක ඇහැක් නැති මාව උඹට වදයක් වුනත්..
දෙන්න බැරි දෙයක් නෑ උඹ නමින් මට තවත්..
මරුණු දවසක වුනත් මා සොයා ආවොතින්..
දැනගන්න මං මෙහෙම ලියන්නම් සිත තොසින්..
එපා පසුතැවෙන්නට උඹෙ අම්මා නැති සොවින්..
තියෙනකන් දිවිය උඹෙ දෙනෙත් යුග රැකගනින්..