Total Pageviews

Wednesday, August 10, 2016

මිහි මව්ගේ කන්නලව්ව




හිරු දෙවිදුනේ මේ අසාපන්..
වැසි දෙවිදුනේ මේ අසාපන්..
විරසකය අත නොහැරි හින්දා..
මා විදින දුක බලාපන්..

දරු පැටවු මගෙ දැවී පිච්චුනෙ..
හිරුගෙ රශ්මිය අධික හින්දා..
පිපාසෙන් මගෙ දරුවො මැරුනේ..
උඹේ ඔය අමනාපෙ හින්දා..

වතුර බිදුවක්වත් නුදුන්නේ..
උඹත් එකටෙක කරපු හින්දා..
විලාපය මගෙ උඹට නෑසුනේ..
වැසි දෙවිදුනේ ඇයි ද මන්දා..

මගේ හදවත පැලී ගොස් දැන්..
දරාගන්නට නොහැකි හින්දා..
අහස් දෙවිදුනි උඹේ දරුවන්..
අඳ ද ගොලු බිහිරියි ද මන්දා..

ජීවිතයකට වඩා වෛරය..
නොවටිනා බව සිතාපන්..
අහස් දෙවිදුනි මිතුරු අසිරිය
උන්ට උඹවත් කියාපන්..

13 comments:

  1. ඇහෙනවද....? මහී කාන්තාව වැළපෙනවා..

    ReplyDelete
  2. වෛරය සියල්ල විනාශයට පමුණුවයි. ලස්සන පද ඇමුණුමක් ඔබට ජය

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Sarala wadan walaka gaburu aruthak kati karala. Godak lassanai

    ReplyDelete
  5. Sarala wadan walaka gaburu aruthak kati karala. Godak lassanai

    ReplyDelete
  6. හුගක් හොද ගෙතුමක්. අදහසයි රිද්මයයි සංයෝජනීයයි . සතුටුයි.

    ReplyDelete