Total Pageviews

Saturday, August 13, 2016


රටක් හඩයි  ඔබ නිහඩයි ඇයි විජය..




සෙළවෙයි කම්පිතව අද ජාතික ධජය..
කලා ලොවෙහි විරුවෙකු හැරගොස් නිජය..
කා සමගත් මිතුරෙකු ලෙස වී ගජය..
රටක් හඩයි  ඔබ නිහඩයි ඇයි විජය..

නිරතුරු සිනහවක් විය මුහුනෙහි රැදුණූ..
රගබිම අද සමනලයෙකි තටු සිදුණූ..
සැකසිය හැකිද වීදුරු බදුනක් බිදුණූ..
මකා දමනු බෑ ඔබ රුව සිත ඇදුණූ..

ආදර පියෙක් සැමියෙක් මිතුරෙක් සේම..
දිවි ගෙවු විජය ඔබ මිනිසෙකි අසමසම..
ජීවන රග මඩල මේ ලෙස වුවත් නිම.. 
මතක පොතේ පිටු මුමුණයි ඔබේ නම..

උපන්නොත් කෙනෙක් මරණය උරුමයකී..
විජයට සම පදයකි එය සිනහවකි..
මතක් කරනු මිස අමතක කළ නොහැකී..
ඔබ නැති අඩුව පිරවුනොතින් අරුමයකී..

මනමෙ කුමරුටත් යලි ජීවය  දුන්න..
කලා ලොවෙහි ඔබ ඉටු දෙවියෙකු වැන්න..
බැරිවෙයි ඔබ මතක අමතක කරලන්න..
සසර පුරා අප අතරම ඉපදෙන්න..

25 comments: