එකැස් අම්මාගෙන් පුතුට ලිපියක්
ඇත්ත සුදු පුතේ මට එක ඇහැක් තිබුණෙ නෑ..
ඉස්සරත් මා එක්ක පාරෙවත් ගියේ නෑ..
උඹට ලැජ්ජයි නේද මට ඒකේ වගක් නෑ..
ඒත් මගෙ පුතේ උඹ එක දෙයක් දන්නෙ නෑ..
ලෝකයට මං උඹගෙ වැඩකාරි වූවාට..
සැප සොයා මා දමා සිදාදියෙ ගෑටුවට..
උඹෙ කටින් මට පුතේ අඳ ගෑණි කිව්වාට..
උඹෙ කටින් මට පුතේ අඳ ගෑණි කිව්වාට..
උඹ නිසයි එක ඇහැක් අහිමි වුණෙ අම්මාට..
ඉස්සරම දවසක් අදත් මතකයෙ ඇතී..
ඉස්සරම දවසක් අදත් මතකයෙ ඇතී..
හුගක් පුංචියි උඹට නම් අමතකත් ඇතී..
සෙල්ලමට උඹ කළා දගකාරකම් නිතී..
කෝටුවක් ඇනී එක ඇහැක් වූවා නැතී..
උඹව මට ඇස් දෙකක් මුළු මහත් ලෝකයක්..
උඹේ දුක සුදු පුතේ වගෙයි මට මහමෙරක්..
දරන්නට බැරිවුණා අහිමි බව උඹෙ ඇහැක්..
ඒ නිසයි මගෙ ඇහැක් දුන්නෙ මං නෑ දොසක්..
මං උඹගෙ අම්මා බව ලෝකයට නොකිව්වත්..
වෛරයක් නෑ පුතේ මගේ තුන් හිතකවත්..
එක ඇහැක් නැති මාව උඹට වදයක් වුනත්..
දෙන්න බැරි දෙයක් නෑ උඹ නමින් මට තවත්..
මරුණු දවසක වුනත් මා සොයා ආවොතින්..
දැනගන්න මං මෙහෙම ලියන්නම් සිත තොසින්..
එපා පසුතැවෙන්නට උඹෙ අම්මා නැති සොවින්..
තියෙනකන් දිවිය උඹෙ දෙනෙත් යුග රැකගනින්..
loke maw guna ananthai harawath patha tikak
ReplyDeleteThanks dr..
Deleteniyamai olu
ReplyDeleteThanks..
Deletegood yaluuu
ReplyDeleteඇත්තටම ගොඩක් සංවේදී කවි ටික ... හිතට ගොඩක් හොඳට දැනෙනවා .. ඇත්තටම මේ ලෝකයේ අම්මා තරම් ආදරනීය කෙනෙක් නැති තරම්. අම්මා තමා අපෙ මුලු ජීවිතයේම...
ReplyDeleteඇත්තටම ගොඩක් සංවේදී කවි ටික ... හිතට ගොඩක් හොඳට දැනෙනවා .. ඇත්තටම මේ ලෝකයේ අම්මා තරම් ආදරනීය කෙනෙක් නැති තරම්. අම්මා තමා අපෙ මුලු ජීවිතයේම...
ReplyDeleteeka eththa dr..
Deleteගෞතම බුද්ධ දේශනාවේ මව්පියන්ගේ ගුණ හතරක් සඳහන් වෙනවා.ඉමේෂාගේ කවිය පුරා මට ඒ උත්තරීතර ගුණ හතර මෙනෙහි වෙනවා.මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒ ගුණයන් හතර සැබෑවටම මව්වරුන්ට තම තමන්ගෙ දරුවන් කෙරෙහි උපදිනවා.අවාසනාවකට එසේ නොවන මව්පියවරුනුත් සමාජයේ සිටිනවා.තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ ගුණාංග පිහිටන මව්පියන් සමාජයේ පරමාදර්ශී චරිත වෙන්නේ නෑ.සමාජයේ පරමාදර්ශී වෙන්නේ සමස්තය වෙනුවෙන් මේ ගුණාංග පිහිටන පුද්ගලයන් ය.එහෙත් තමන්ගේ දරුවා වෙනුවෙන් වුණත් ඇසක් දන් දෙන්නට හැකි මේ අම්මා පුරන්නේ දාන උප පාරමිතාවයි.ඉමේෂා අප ඉදිරියට ගෙන එන අම්මා සමාජයේ පරමාදර්ශී වන්නේ ඒ නිසායි.කවිය පුරාවට ඉමේෂා එකී මව තුළ ගොඩනගන අද්වේශ සහගත උපේක්ෂාගුණෝපේත චිත්තය තවෙකෙකුගේ හදවතෙහි ඒ මව කෙරෙහි අනුකම්පාවකට හෝ ඇගේ පුතා කෙරෙහි ද්වේශයකට බලපෑම් නොවන පරිදි ඉදිරිපත් විය යුතු ය.මක්නිසාද අනුකම්පාව හෝ ඒ ද්වෙශ සහගත සිතිවිල්ල සමාජයට දීර්ඝ කාලීන බලපෑමක් නොකරන බැවිනි.ඒනිසා නිර්මාණයකින් නිරන්තරයෙන් අවදි විය යුත්තේ සමාජය අවදි කරවන ප්‍රඥාවයි.ඉමේෂා ඒ ඇසින් බලන කල යම් සාධාරණයක් ඉටුකර ඇත.
ReplyDeleteThanks sir..
DeleteHarima lassanay amma kenekuge guna kiyala nimakarannabe a ba2a lassanata kiyla toyenwa
ReplyDeleteHarima lassanay amma kenekuge guna kiyala nimakarannabe a ba2a lassanata kiyla toyenwa
ReplyDeleteThanks dr..
DeleteNice akki...
ReplyDeleteThank u nango..
ReplyDeleteEttatama hitata denenawa. Ammata gedara budun kynne e nisa tamai
ReplyDeleteEttatama hitata denenawa. Ammata gedara budun kynne e nisa tamai
ReplyDeleteAniwaryenma ow..
ReplyDeleteලස්සනයි ගොඩක්....ඒ් වගේම සංවේදී
ReplyDeleteඅරුත්බර පද ෙපළක්
ReplyDeleteTHanks dr..
ReplyDeleteAs dekata kadulu unana kawi pelak.. gdk lassanai olu.. well done
ReplyDeleteAs dekata kadulu unana kawi pelak.. gdk lassanai olu.. well done
ReplyDeleteThanks dr..
ReplyDelete