නුඹෙ කෝප ගින්නෙන්ම මා ගතත් දවාපන්..
සැමියා මියගිය දුකට අපෙ වරද කියාපන්..
මගේ පත්තිනිය නෑ කොහෙද ඈ සොයාපන් ..
කුලී වැඩ කළේ මා අප දිවිය රැකගන්න..
සෙවනැල්ල මෙන් නිතර ඇය සිටියා සවි දෙන්න..
හිග වුවත් මිල මුදල් ජීවිතය ගෙනයන්න..
සතුට සැනසුම අපිට තිබුණා නිති ඇතිවෙන්න..
කිසිවිටත් ඈ වෙනත් පිරිමියෙකු පැතුවෙ නෑ..
මගෙ තිබුණු අඩු පාඩු ගැන දොසක් කීවේ නෑ
වදනකින් පවා මට වැරැද්දක් වුණේ නෑ..
දිළිදුකම පතිදමට හානියක් කළේ නෑ..
දෙවියනී ඔබ මෙන්ම ඇයද විය ගැහැණියක්..
පතිනිදම් ඔප්පු කළ ඔබ වුණා දේවියක්..
ලෝකයට නැතිවුනත් මගෙ බිරිය පතිනියක්..
රැකගත්ත පතිදමට නැද්ද වටිනාකමක්..
සැමියගේ වියෝවෙන් කෝප ගිනි ඇවිලුනේ..
මගෙ ගෙදර පහන නෑ එයින් පසු දැල්වුනේ..
බුදු වු දිනකවත් මට කියාපන් දෙවියනේ..
දිළිදුකම වරදක්ද පතිනිදම් යටවුනේ..
කන්නගීලට, කෝවලන්ලට, මාධවීලට, මණිමේඛලාලට, විතරක් නෙමෙයි මදුරාපුර වැසියන්ටත් හදගැස්මක් තියෙනවා..
ReplyDeleteOyage wachana godak lassanai olu... oyata thawa liyanna puluwan... sure
ReplyDeleteThanx dr..
DeleteNiyami olu
ReplyDeleteThank you Yaalu
Deletegood sis
ReplyDeletethanks aiye..
DeleteEla
ReplyDeleteThanks nangoooo
ReplyDelete