Total Pageviews

Wednesday, July 20, 2016

මතු සම්බන්ධයි 02





සමහරු කියනවා ආදරේ කරපු හිතකට කවදාවත් වෛර කරන්න බෑ කියලා. ඒත් ඒක ඇත්ත නෙමෙයි. මං උඹට වෛර කරනවා. මේ ආත්මෙදි විතරක් නෙමෙයි උපදින හැම ආත්මෙකම වෛර කරනවා. ඒ තරමටම මට උඹව පිළිකුල්. මට කියපං උඹට දාව මගෙ බඩට ආපු දරුවො කීයක් උඹ විනාශ කළාද කියලා. ඒ එකෙක්ටවත් මේ ලෝකෙ එළිය දකින්න නොදී උඹ මරාගත්තා. ඒ දවස්වල ඒ ගැන දූක් උනාට අද මම ඒ ගැන සතුටු වෙනවා. මේ නරාවළේ ඉපදෙනවට මඩා උන් මැරිලා ගිය එකම තමයි හොද. තිරිසන් සතෙක්වත් උඹ තරම් නරක නෑ. ඒත් මගෙම එකෙක් එක්කවත් මං උඹගෙ වැරැද්දක් කිව්වෙ නෑ. එහෙම කළේ උඹ කවදහරි හැදෙයි කියලා. ඒත් උඹ කළේ ඒ හැමදේකින්ම අයුතු ප්‍රයෝජන ගත්ත එක. ඉවසීමේ සීමාව ඉක්මවලා ගියත් අවුරුදු 12ක් මං උඹත් එක්ක පවුල් කෑවා. මං දන්නවා අද මං මුළු ලෝකෙටම කෑ ගහලා කිව්වත් මං කියන කිසිම දෙයක් උඹට ඇහෙන් නෑ කියලා. එත් මගේ කතාව මේ ලෝකෙ ඉන්න හැම ගෑණියෙක්ටම වගේම හැම පිරිමියෙක්ම දැනගන්න ඕනෙ.  ඒකෙන් හැමෝම පාඩමක් ඉගෙන  ගන්නවා නම් උඹව මරපු වැරැද්දට එල්ලූම් ගස් ගියත් මට කමක් නෑ.
                                                                                                                මතු සම්බන්ධයි

2 comments:

  1. ගැහැණු දුර්වලයි කියල හිතනව නම් ඒක සම්පුර්ණ වැරදියි

    ReplyDelete
  2. ඔව්..ඒත් සමහර පිරිමි එහෙම හිතන් ඉන්නවා. සමහර ගැහැණු අයත් තමන් දූර්වලයි කියලා හිතාගෙන මානසිකව වැටිලා ඉන්නවා. මට ඕනෙ ඒ මානසිකත්වය වෙනස් කරන්න..

    ReplyDelete