Total Pageviews

Tuesday, July 26, 2016

පතිනියකගේ හදගැස්ම (කන්නගී)













කෝවලන්....

ඔබ මගේම විතරක් වුණා නම්..
මට සිනාසෙන්නට තිබුණා..
මගෙම නොවුණත් මාධවීගේ නොවුණා නම්..
මට නොහඩා ඉන්නට තිබුණා..

මණිමේඛලාවන් මට පැළදුවා නම්
සිත හදාගන්නට තිබුණා..
පතිදමට අරුතක් ගෙනෙන්නට නම්
ඔබට මිය නොයා ඉන්නට තිබුණා..

පතිනි බලයෙන් රට  නෙදැව්වා නම්
මරණයෙන් ඔබ ඇහැරවන්නට තිබුණා..
සදකිදුරු පෙම් පුවත යළි යළි
ලියැවෙන්න ඉඩ තිබුණා..

කන්නගී හිමි කෝවලන්ට නම් 
දෛවයට හැම වළක්වන්නට තිබුණා..
දිව්‍ය සම්පත් නොලැබුණත් මට
වැන්දඹුවක් නොවී ඉන්නට තිබුණා..


12 comments:

  1. pathiewatha rakina yuwathiyantai

    ReplyDelete
  2. kannagigeth madavigeth kowalangeth iranama me lesa liyawenna athi

    ReplyDelete
  3. ow.eth e hemadema diha bladdi hithenawa e dewal ehema nowuna nm hodai kiyala

    ReplyDelete
  4. Ada kale wedi denek madavilage pahasa labala paththini birindak hoyana kowalanla thamai

    ReplyDelete
  5. Ada kale wedi denek madavilage pahasa labala paththini birindak hoyana kowalanla thamai

    ReplyDelete
  6. නගරයක් ගිනිගන්න සාප කරලා අැවිත් තවුස් දම් පුරන්නෙ සාපයේ පව් කමා කරගන්න වෙන්න අැති.
    (පත්තිනිට අධෝමුඛයෙන් සිනාසෙන ගමන්)

    ReplyDelete