Total Pageviews

Wednesday, July 27, 2016

නෘත්‍ය රාජිනියකගේ හදගැස්ම (මාධවී)


















කෝවලන්... සත්තකයි මා ඔබට පෙම් කළා..
පළමු දැකුමෙන්ම ඔබ මගේ හද ගෙන ගියා..
දිදුළනා ඔබෙ දෑස මාව මුසපත් කළා
දිවි පුරා ඔබෙ වෙන්න මං මටම දිවුරුවා..

මුළු ලොවක් ඉදිරියේ මට ඔබව හිමිවුණා..
අමතකද ඔබ එදා මගෙ නළල සැරසුවා..
සිරියහනෙ කිව් කතා මාව නිති සැනසුවා..
කෝවලන් සත්තකයි මා ඔබට පෙම් කළා..

ඔබ මෙන්ම ඔබෙ සිරුර මගේ යැයි කිව් දිනේ..
සිතුණා මට හැම භවේ ඔබය මගෙ හිමි වුණේ..
මේ භවයෙදිත් ඔබ අහිමි බව සැළවුණේ..
එදිනමයි මගෙ කුසට මේඛලා පැළදුනේ..

දරාගත නොහී මා හැමදාම වැළපුණා..
ඒ හඩින් මුළු ලොවක් කම්පිතව සෙළවුණා..
කන්නගී හැර ඔබට කිසිවෙකුත් නොපෙණුනා..
කිරි කළය ඇය ඔබට ගොම බිදුව මම වුණා..

අදුරු මාවතක ඔබ මා අතරමං කළා..
මගෙ එකම සැනසීම වුණේ මණිමේඛලා..
ඔබෙ නමින් හද තුටින් ඇයව ඇති දැඩි කළා..
මියෙනතුරු කෝවලන් මා ඔබට පෙම් කළා..

17 comments:

  1. කන්නගී,මාධවී,කෝවලන්,මනිමේකලා විතරක්ම ඇයි? මදුරාපුර වැසියන්ටත් හදගැස්මක් තිබුනා..................

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං. ප්‍රභූ පැළැන්තියෙ හතර දෙනෙක්ගෙ දුක පෙනෙද්දි දහස් ගණනක් සාමාන්‍ය ජනතාවගෙ දුක අපිට මඟහැරුණා. සුනිල් පවා එ් මඟහැරීම එහෙම්ම කරා.

      Delete
    2. මං උත්සහ කරන්නම් ඒ හදගැස්මත් අදුනගන්න...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. // එදිනමයි මගෙ කුසට මේඛලා පැළඳුනේ //

    මේ වචන පේළිය නම් මරු මචං.

    ReplyDelete