දියණියකගෙ හදගැස්ම (මණිමේඛලා)
සිහිනෙකින් පවා දැක
නැතත්
මා
මගෙ
පියා..
කෝවලන්ගේම දූ මමයි
මණිමේඛලා..
මතක දා පටන් මෑණියන් ඇස් බොදවෙලා..
පියාණෙනි ඈ හැඩුවෙ
ඔබෙ
මතක
සිහිවෙලා..
නැළවුවේ ඈ මාව
ඔබේ
ගුණ
ගය
ගයා..
දැකගන්න ඔබේ රුව
සිටියෙ
මා
පුල
පුලා..
මෑණියන් සිටි ලෙසම
නිතර
මග
බල
බලා..
මාද සිටියා ඇගේ උණුහුමට
ගුලි
වෙලා..
කන්නගී නමින් තව
මවක්
සිටිනා
බවක්..
මාධවී මෑණියන්
කීවෙ
ගොතලා
කවක්..
දේවතාවියක් බදු පිංවන්ත
රූපයක්..
මැවුණා මා දෙනෙත් අග දස දහස් වාරයක්..
ගිහිගෙයට කැමැත්තක් නෑ තිබුණෙ මා සිතේ
ඒ නිසයි කහ සිවුර දැවටුවේ මා ගතේ..
පියානෙණි මැණික මම බව දනිමි ඔබ නෙතේ..
ඒත් ඔබ නොකියාම අද නික්ම ගොස් ඇතේ..
කන්නගී මෑණියනි පැමිණියෙමි ඔබ සොයා..
කී ලෙසම මෑණියන් පෙන්නුවා ඔබ දයා..
දනිමි මා මතු දිනෙක ඔබ බුදුන් වෙන නියා..
ඒ භවයෙදීවත් මුණගස්වන්න මා පියා..
nice dr. good luck
ReplyDeleteNice
ReplyDeleteniyamai yalu
ReplyDeleteThank u yalu
DeleteNiyamai bn
ReplyDeleteThanks dr..
Deleteniyamai mchn....
ReplyDeleteThanks..
DeleteKiyanna wachana na olu...super...
ReplyDeleteVery good
ReplyDeletethanx dr..
Deleteharima lassana sankalpanawak subapathum!
ReplyDeletethanx dr..
Deleteit's very creative thinking. very nice
ReplyDeletethanks dr..
Deletecreative poem
ReplyDelete