Total Pageviews

Wednesday, July 27, 2016

සැමියෙකුගෙ හදගැස්ම  (කෝවලන්)















කන්නගී.....

උඹට මතකද ඒ ලස්සන දවස්..
අපි දෙන්නා කොච්චර සතුටින් හිටියද
අනේ මන්දා  කාගෙ ඇස්වහක් වැදුනද කියලා..

මට එදා මාධවීගෙ නැටුම් බලන්න යන්න
ඇදුමක් තෝරලා දුන්නෙත් උඹ..
උඹේ හිතේ අහිතක් තිබුණෙ නෑ..
ඒ ගමන අපේ ජීවිත හුගක් වෙනස් කළා කන්නගී..
ඒත්... මාව විශ්වාස කරපං..
උඹට වැරැද්දක් කරන්න මගෙ තුන් හිතකවත් තිබුණෙ නෑ..

මට දාව දරුවෙක් වදලා දෙන්න බැරි වුණාට
කවදාවත් අපේ සිරියහන මට එපා වුණේ නෑ..
ඒ තරමටම උඹ මට ආදරේ දුන්නා..
ඒ ආදරේට මං වැරැද්දක් කළේ නෑ කන්නගී
මොකද මං කවදාවත් මාධවීට ආදරේ කළේ නෑ..

මාධවීගේ සරාගී ඇස්වලට මං වශී වුණා
එක මෙහොතකට මට මාවම අමතක වුණා..
මගෙ තිබුණු හැම දේපළක්ම විතරක් නෙමෙයි
උඹට උරුම මණිමේඛලාවත් මාධවීට අයිති වුණා..

උඹ වැරදි නෑ කන්නගී...මාධවී වැරදිත් නෑ
උඹලා දෙන්නගෙම වැරදිකාරයා මම..
ඒ වැරැද්දට මට දඩුවම් ලැබුණා..
මණිමේඛලාව නොදැකම මට මැරෙන්න වුණේ ඒ හින්දා..

උඹ සදහටම මගෙ පත්තිනිය..
ඒක මට විතරක් නෙමෙයි උඹ මුළු ලෝකෙටම ඔප්පු කළා..
කවදහරි උඹ බුදු වෙන දවසක
උඹෙන් එකම එක  බණ පදයක් අහන්න
උපදින හැම භවයකම මං  පෙරුම් පුරනවා..
එදාටවත් උඹ මං වෙනුවෙන් රැකගත්ත පති දහමට
වටිනාකමක් ලැබෙයි කන්නගී...




17 comments:

  1. හරිම ලස්සනයි....

    ReplyDelete
  2. හරිම ලස්සනයි....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හරිම ලස්සනයි ඕලු. දිගටම ලියන්න...

    ReplyDelete
  6. Kohenda mechchara lassana wachana enne oyata...godak lassanai

    ReplyDelete
  7. රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

    (ටිම්රාන් කීර්තිගේ කවියකින් උපුටා ගන්නා ලදි)

    ReplyDelete