Total Pageviews

Friday, August 12, 2016

හදගැස්ම පුතේ මගෙ තවම ඉකිගසනවා..






















ගිය නමුත් සිරුර මගෙ දුබල වී වැහැරී..
ගිලන් වී ඇදක මා සිටියමුත් වැතිරී..
හදවතින් නම් පුතේ සිටියෙ මං ඇහැරී..
උඹෙ හඩින් දෙනෙත් යුග වැළපුණා පෑරී..

ඇස් ඇරලා බලපං මං තවම මැරුණෙ නෑ..
මිනීවළ කපන්නට හදිසියක් ඔිනෙ නෑ..
සදුන් දරවලින් හැදු පෙට්ටි උවමණා නෑ..
උඹ ළගින් ඉන්න මිස මියැදෙන්න ඔිනෙ නෑ..

අම්මවත් මරාගෙන පුතේ උඹ ඉපදුනත්..
වෛරයක් මගෙ හිතේ තිබුණෙ නෑ කොනකවත්..
කුඩම්මෙක් නොගෙනාවේ උඹ නිසයි මං එදත්..
තරුණ විය ගතවුණා නෑ දැනුනෙ හිරුටවත්..

අවසනේ මහලු මඩමකි මගේ උරුමය..
ඉන්න මට උඹේ ළග තිබුණෙ නෑ කාලය..
ඇහැනෙවද පුතේ මගෙ සුසුම්වල රාවය..
තාමටත් මුමුණන්නෙ උඹේ ඔය නාමය..

මැරෙන්නට කලින් උඹ මගෙ මිනිය පිච්චුවා..
අමතකද දැඩි කළා දෙනුන්ගේ කිරි පොවා..
පිඹුරුපත් අදිනමුත් සොහොන් කොත සරසවා..
හදගැස්ම පුතේ මගෙ තවම ඉකිගසනවා..

කවදහරි පුතේ උඹ තාත්තෙක් වුණු දාක..
වැටහේවී පියෙකුගේ සුසුම් පොද දරු පෙමක..
දවාලක නොහැකි නම් ඇවිත්වත් මහ රෑක..
ළගින් ඉදපන් පුතේ නිවෙයි දුක කල්පයක.. 

17 comments:

  1. අප්පච්චිට තමා අපේ ජිවිතෙ පලමු අ‍යිතිය...

    ReplyDelete
  2. අප්පච්චිට තමා අපේ ජිවිතෙ පලමු අ‍යිතිය...

    ReplyDelete
  3. Piya senehasata kawi kiya una madi...harima lassanai...

    ReplyDelete
  4. Piya senehasata kawi kiya una madee...lassanai Dr..

    ReplyDelete
  5. Hamadamath wage lassana nirmanayak. Adambarai

    ReplyDelete
  6. මැරෙන්නට කලින් උඹ මගෙ මිනිය පිච්චුවා..
    අමතකද දැඩි කළා දෙනුන්ගේ කිරි පොවා..
    පිඹුරුපත් අදිනමුත් සොහොන් කොත සරසවා..
    හදගැස්ම පුතේ මගෙ තවම ඉකිගසනවා..


    අතිශය ප්‍රබල ප්‍රකාශන හැකියාවක ලකුණකි.

    ReplyDelete