......විද්‍යා.......
( විද්‍යලා මේ ලොවෙහි කවදාක සැනසේද..)
උපන්දා ඉදළාම මව් තුරුළෙ සැනසුනා..
සොදුරු ලෝකයක මං පෙත් සොයා ඉගිළුනා..
නපුරු බව නොදැන සැම දෙනා හා හිනැහුනා..
මගෙ නොවන මගෙම අයගෙන්ම මා කෙළෙසුනා..
ඇයි අම්මේ නොකිව්වේ කලින් මට මේ බවක්..
මං වගේ සුවද මල් වුණිද ලෝකෙට බරක්..
ගැහැණියක වීම ගැන දැනුනේ මට ලොකු දුකක්..
මැරී ඉපදුනා සිතින් දස දහස් වාරයක්..
දිනක්වත් දෙවියො අදහන්න බැරි කළේ නෑ..
ඒ දෙවියො මගෙ දිහා හැරිලාවත් බැලුවෙ නෑ..
කුරා කුහුඹුවෙකුටවත් වැරැද්දක් කළේ නෑ..
ගැස්ම නැති හුස්මකින් මට කිසිත් ඵලක් නෑ..
මා මෙන්ම නුඹලාද මව් කුසින් බිහි වුණේ..
සොයුරියක දුවක ලෙස මාව ඇයි නොපෙනුණේ..
ගැහැණියක් කෙලෙසන්න කෙලෙසදෝ සිත් වුණේ..
මා නෙමෙයි නුඹලගේ සිතුවිළියි කෙළෙසුනේ..
මං වගේ කොතෙක් මල් තව මුකුළිතව ඇතිද..
දෙවියනේ කාට නම් මෙහි වරද පවරමිද..
මිනිස්කම් මිනිසුන්ගේ හදවතෙහි නොපවතිද..
විද්‍යලා මේ ලොවෙහි කවදාක සැනසේද..