Total Pageviews
Friday, August 19, 2016
පෙම්වතියකගෙන් බිරිදකට ලියමනක්.........
හිමිව ඇති මුත් ඔහුව ඔබට දැන් නීතියෙන්..
හැමදාම හිමිකාරී මමයි මුළු හදවතින්..
පතා ආවෙමි ඔහුම සසර දිග ඇවිදිමින්..
කල්පයක ගමන් මග නොනවතියි නුඹ ළගින්..
බැදුණු රන් හුයක් සිද දැමීමට අවැසි නෑ..
මේ භවයෙ ඔබට මිස මට ඔහුව අයිති නෑ..
පිය සෙනෙහෙ දරුවන්ට අහිමි වී යන්නෙ නෑ..
හදවතින් මිස ගතින් ඔහු ළගට එන්නෙ නෑ..
පුරා සද අහසට අද අහිමි වී ගොසින්..
තිබුණමුත් තාරකා ඵල කිමද මට ඉතින්..
බැස ගියෙන් සදු ඇවිත් එළිය ගෙන මොහොතකින්..
වැසී ගොස් සිත් අහස විසල් ඝන අදුරකින්..
කළෙන් පෙර අකුසල් අද මෙසේ වැළපෙමී..
රන් කෙන්ද නෙලිහෙන්න ඉඩ නොදෙමි දිව්රමී..
ඔබෙන් කිසිවක් එපා මෙපමණක් ඉල්ලමී..
තවත් භවයෙක ඔහුව නොපතන්න අයදිමී..
Wednesday, August 17, 2016
ඇහැරෙන්නට පෙර සමුගෙන ගිය නුඹ
තවමත් මට හීනයක් වගේ..
ඔහු කීවේ ඔහුට මා නොමැතිව
ජීවත් වෙන්නට බැරි බවය..
නමුත් අද මා නොමැතිව ඔහු ජීවත් වෙයි..
මා සිතුවේ ඔහු නොලැබුනොත්
මා මිය යනු ඇති බවය..
එහෙත් අද මමද ඔහු නොමැතිව ජීවත් වෙමි..
ඔහුට මා නොමැතිව
මට ඔහු නොමැතිව
ජීවත් විය හැකි නම්
අප අතර ආදරයක් තිබුණිද යන්න ගැටලුවකි..
එහෙත් ආදරයක් නොතිබුණි යැයි
කියන්නට බැරිය..
ඒ මසිතේ වේදනාවක් ඉතිරිව ඇති නිසාය..
පසුතැවීමක් නැත..
ඔහුට මා නොමැති වූවාට ඇය හිදියි..
එහෙත් නෙතෙහි කදුළක් ඇත..
ඒ ඔහු නොමැතිව මා තනි වූ බැවිනි..
මේ වේදනාව
මට පමණක් වූ නිසා මට දුකය..
එහෙත් ඇයගේ ලොවෙහි ඔහු සතුටිනි..
ඒ ගැන සතුටුය..
Saturday, August 13, 2016
රටක් හඩයි ඔබ නිහඩයි ඇයි විජය..
කලා ලොවෙහි විරුවෙකු හැරගොස් නිජය..
කා සමගත් මිතුරෙකු ලෙස වී ගජය..
රටක් හඩයි ඔබ නිහඩයි ඇයි විජය..
නිරතුරු සිනහවක් විය මුහුනෙහි රැදුණූ..
රගබිම අද සමනලයෙකි තටු සිදුණූ..
සැකසිය හැකිද වීදුරු බදුනක් බිදුණූ..
මකා දමනු බෑ ඔබ රුව සිත ඇදුණූ..
ආදර පියෙක් සැමියෙක් මිතුරෙක් සේම..
දිවි ගෙවු විජය ඔබ මිනිසෙකි අසමසම..
ජීවන රග මඩල මේ ලෙස වුවත් නිම..
මතක පොතේ පිටු මුමුණයි ඔබේ නම..
උපන්නොත් කෙනෙක් මරණය උරුමයකී..
විජයට සම පදයකි එය සිනහවකි..
මතක් කරනු මිස අමතක කළ නොහැකී..
ඔබ නැති අඩුව පිරවුනොතින් අරුමයකී..
මනමෙ කුමරුටත් යලි ජීවය දුන්න..
කලා ලොවෙහි ඔබ ඉටු දෙවියෙකු වැන්න..
බැරිවෙයි ඔබ මතක අමතක කරලන්න..
සසර පුරා අප අතරම ඉපදෙන්න..
Friday, August 12, 2016
හදගැස්ම පුතේ මගෙ තවම ඉකිගසනවා..
ගිය නමුත් සිරුර මගෙ දුබල වී වැහැරී..
ගිලන් වී ඇදක මා සිටියමුත් වැතිරී..
හදවතින් නම් පුතේ සිටියෙ මං ඇහැරී..
උඹෙ හඩින් දෙනෙත් යුග වැළපුණා පෑරී..
ඇස් ඇරලා බලපං මං තවම මැරුණෙ නෑ..
මිනීවළ කපන්නට හදිසියක් ඔිනෙ නෑ..
සදුන් දරවලින් හැදු පෙට්ටි උවමණා නෑ..
උඹ ළගින් ඉන්න මිස මියැදෙන්න ඔිනෙ නෑ..
අම්මවත් මරාගෙන පුතේ උඹ ඉපදුනත්..
වෛරයක් මගෙ හිතේ තිබුණෙ නෑ කොනකවත්..
කුඩම්මෙක් නොගෙනාවේ උඹ නිසයි මං එදත්..
තරුණ විය ගතවුණා නෑ දැනුනෙ හිරුටවත්..
අවසනේ මහලු මඩමකි මගේ උරුමය..
ඉන්න මට උඹේ ළග තිබුණෙ නෑ කාලය..
ඇහැනෙවද පුතේ මගෙ සුසුම්වල රාවය..
තාමටත් මුමුණන්නෙ උඹේ ඔය නාමය..
මැරෙන්නට කලින් උඹ මගෙ මිනිය පිච්චුවා..
අමතකද දැඩි කළා දෙනුන්ගේ කිරි පොවා..
පිඹුරුපත් අදිනමුත් සොහොන් කොත සරසවා..
හදගැස්ම පුතේ මගෙ තවම ඉකිගසනවා..
කවදහරි පුතේ උඹ තාත්තෙක් වුණු දාක..
වැටහේවී පියෙකුගේ සුසුම් පොද දරු පෙමක..
දවාලක නොහැකි නම් ඇවිත්වත් මහ රෑක..
ළගින් ඉදපන් පුතේ නිවෙයි දුක කල්පයක..
ගිය නමුත් සිරුර මගෙ දුබල වී වැහැරී..
ගිලන් වී ඇදක මා සිටියමුත් වැතිරී..
හදවතින් නම් පුතේ සිටියෙ මං ඇහැරී..
උඹෙ හඩින් දෙනෙත් යුග වැළපුණා පෑරී..
ඇස් ඇරලා බලපං මං තවම මැරුණෙ නෑ..
මිනීවළ කපන්නට හදිසියක් ඔිනෙ නෑ..
සදුන් දරවලින් හැදු පෙට්ටි උවමණා නෑ..
උඹ ළගින් ඉන්න මිස මියැදෙන්න ඔිනෙ නෑ..
අම්මවත් මරාගෙන පුතේ උඹ ඉපදුනත්..
වෛරයක් මගෙ හිතේ තිබුණෙ නෑ කොනකවත්..
කුඩම්මෙක් නොගෙනාවේ උඹ නිසයි මං එදත්..
තරුණ විය ගතවුණා නෑ දැනුනෙ හිරුටවත්..
අවසනේ මහලු මඩමකි මගේ උරුමය..
ඉන්න මට උඹේ ළග තිබුණෙ නෑ කාලය..
ඇහැනෙවද පුතේ මගෙ සුසුම්වල රාවය..
තාමටත් මුමුණන්නෙ උඹේ ඔය නාමය..
මැරෙන්නට කලින් උඹ මගෙ මිනිය පිච්චුවා..
අමතකද දැඩි කළා දෙනුන්ගේ කිරි පොවා..
පිඹුරුපත් අදිනමුත් සොහොන් කොත සරසවා..
හදගැස්ම පුතේ මගෙ තවම ඉකිගසනවා..
කවදහරි පුතේ උඹ තාත්තෙක් වුණු දාක..
වැටහේවී පියෙකුගේ සුසුම් පොද දරු පෙමක..
දවාලක නොහැකි නම් ඇවිත්වත් මහ රෑක..
ළගින් ඉදපන් පුතේ නිවෙයි දුක කල්පයක..
Wednesday, August 10, 2016
මිහි මව්ගේ කන්නලව්ව
හිරු දෙවිදුනේ මේ අසාපන්..
වැසි දෙවිදුනේ මේ අසාපන්..
විරසකය අත නොහැරි හින්දා..
මා විදින දුක බලාපන්..
දරු පැටවු මගෙ දැවී පිච්චුනෙ..
හිරුගෙ රශ්මිය අධික හින්දා..
පිපාසෙන් මගෙ දරුවො මැරුනේ..
උඹේ ඔය අමනාපෙ හින්දා..
වතුර බිදුවක්වත් නුදුන්නේ..
උඹත් එකටෙක කරපු හින්දා..
විලාපය මගෙ උඹට නෑසුනේ..
වැසි දෙවිදුනේ ඇයි ද මන්දා..
මගේ හදවත පැලී ගොස් දැන්..
දරාගන්නට නොහැකි හින්දා..
අහස් දෙවිදුනි උඹේ දරුවන්..
අඳ ද ගොලු බිහිරියි ද මන්දා..
ජීවිතයකට වඩා වෛරය..
නොවටිනා බව සිතාපන්..
අහස් දෙවිදුනි මිතුරු අසිරිය
උන්ට උඹවත් කියාපන්..
Friday, August 5, 2016
දන්නවද.....? විරහව විඳින්න පුළුවන්..
ආදරය සහ විරහව අතර තියෙන්නෙ සංසාරගත බැදීමක් කියලා මං කිව්වොත් කී දෙනෙක් මාත් එක්ක එකග වෙනවද? ජීවිත කාලෙදි එක පාරක් හරි ඒ අත්දැකීම ඔබ විදලා තියෙනවද? පිළිතුර ඔව් නම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න. මොකද මං මේ වදන් ටික පෙළගස්වන්නෙ අවංකව ආදරේ කරලත් ඒ ආදරේ තමන්ගෙම කරගන්න බැරිවුණු ඔයාලා වෙනුවෙන්...
ටිකක් හිතන්න...
රාම - සීතා, සාජහන් - මුම්ටාස්, දස්කොන් - ප්‍රමිලා, සිදුහත් - යශෝධරා, නොරිකො - දෙවොන්දරාසං, දම්මි - සුගත්, වගේ අපි හොදින්ම දන්න ආදර කතා වගේම එදා මෙදා තුර විරහ වේදනාවන් බවට පත්වුණු ආදර කතා කොයිතරම් ඇතිද? අද රේඩියෝ එක ඔන් කළත් ටීවි එක ඔන් කළත් අපිට අහන්න දකින්න ලැබෙන බොහොමයක් ගීත, විෂුවල්වල තියෙන්නෙ ඒ විරහ වේදනාව. සමහර ගීත අහගෙන ඉන්නකොට ඒ අපේම කතාව නේද කියලා අපිට දැනෙන්නෙ ඒක අපි හැමෝටම පොදු ධර්මතාවයක් හින්දා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නෙ ඇත්තටම ඒ වේදනාව උන්වහන්සෙත් විදපු නිසා.
සාරාසංඛ කල්ප ලක්ෂයක් බුදුවෙන්න පෙරුම් පුරපු හැම ආත්මෙකම යශෝධරාවත් සිදුහත් කුමාරයා එක්ක ආදරෙන් බැදුණා. අවසාන ආත්මෙදිත් ආදරෙන් බැදිලා සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මුණ දවසෙ යශෝධරා දේවිය කාටත් පොදු ඒ විරහ වේදනාව අත්වින්දා. ඒත් මොහොතකටවත් ඇය උන්වහන්සෙ ගැන අහිතක් හිතුවෙ නෑ.
රම්‍ය, සුරම්‍ය, සුභ කියන අති සුඛෝපභෝගී රජ මැදුරුවල ආහාර වළදපු උන්වහන්සේට කැළේ ගස්වල හැදෙන ගඩා ගෙඩි රස නැහැ කියලා යශෝධරා දන්නවා. ඒ නිසා ඇය කැලේ තියෙන හැමදේම රසවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. හැමතැනම සේනාව පිරිවරාගෙන ඇවිදපු නිසා සිදුහත් කුමාරයගෙ ආරක්ෂාව ගැන ඇයට බයක් තිබුණෙ නෑ. ඒත් දැන් මහ වනාන්තරයක් මැද්දෙ ඔහු ඉන්නෙ තනිවම. ඒ නිසා ඇය උන්වහනසේට පරිවාර සම්පත්ති ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඒ විතරක් නෙමෙයි අව්වෙ රැස්මාලාවන් අඩු වෙන්න වගේම උන්වහන්සේට ගිමන් නිවාගන්න මහ වනාන්තර මැද දිව්‍ය මාළිග ඉදිවෙන්න කියලා ඇය ප්‍රාර්ථනා කළා. අන්න ඒකට තමයි ආදරේ කියන්න.
ආදරේ කරද්දි තමන්ගෙ සතුට ගැන හිතනවට වඩා අපි හිතන්න ඔිනෙ අනිත් කෙනාගෙ සතුට ගැන. එයාගෙ සතුට ඔයා ළග නැත්නම් ඒ කෙනාට යන්න දෙන්න. ආදරේ කවදාවත් බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම ලබාගත්තත් ඒ සතුට තාවකාලිකයි.
මතක තියාගන්න හැමදේම අස්ථීර ලෝකෙක කවදාවත් ආදරය විතරක් ස්ථාවර වෙන්නෙ නෑ. ඒ නිසා විරහව වේදනාවක් කරගන්න එපා. ඔයා දුකින් උනාට ඔයා ආදරේ කරපු කෙනා හරි සතුටින් ඉන්නවා නම් ඒක කොච්චර දෙයක්ද. ඇයි ඔයාට බැරි එහෙම හිතන්න? ආදරය කියන්නෙ ඒ සිතුවිල්ලට නේද? එතකොට ඔයාට විරහව වුනත් විදින්න පුළුවන්. එහෙම වුණොත් කවදාවත් ආදරය නිසා ජීවිතය අත් හරින්න එහෙමත් නැත්තන් තමන් ආදරය කරන කෙනාගෙ ජීවිතය උදුරගන්න ඔයා පෙළඹෙන එකක් නෑ. මොකද ආදරය කියන්නෙ ඒ තරමටම පිවිතුරු හැගීමක් නිසා...
ආදරය සහ විරහව අතර තියෙන්නෙ සංසාරගත බැදීමක් කියලා මං කිව්වොත් කී දෙනෙක් මාත් එක්ක එකග වෙනවද? ජීවිත කාලෙදි එක පාරක් හරි ඒ අත්දැකීම ඔබ විදලා තියෙනවද? පිළිතුර ඔව් නම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න. මොකද මං මේ වදන් ටික පෙළගස්වන්නෙ අවංකව ආදරේ කරලත් ඒ ආදරේ තමන්ගෙම කරගන්න බැරිවුණු ඔයාලා වෙනුවෙන්...
ටිකක් හිතන්න...
රාම - සීතා, සාජහන් - මුම්ටාස්, දස්කොන් - ප්‍රමිලා, සිදුහත් - යශෝධරා, නොරිකො - දෙවොන්දරාසං, දම්මි - සුගත්, වගේ අපි හොදින්ම දන්න ආදර කතා වගේම එදා මෙදා තුර විරහ වේදනාවන් බවට පත්වුණු ආදර කතා කොයිතරම් ඇතිද? අද රේඩියෝ එක ඔන් කළත් ටීවි එක ඔන් කළත් අපිට අහන්න දකින්න ලැබෙන බොහොමයක් ගීත, විෂුවල්වල තියෙන්නෙ ඒ විරහ වේදනාව. සමහර ගීත අහගෙන ඉන්නකොට ඒ අපේම කතාව නේද කියලා අපිට දැනෙන්නෙ ඒක අපි හැමෝටම පොදු ධර්මතාවයක් හින්දා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නෙ ඇත්තටම ඒ වේදනාව උන්වහන්සෙත් විදපු නිසා.
සාරාසංඛ කල්ප ලක්ෂයක් බුදුවෙන්න පෙරුම් පුරපු හැම ආත්මෙකම යශෝධරාවත් සිදුහත් කුමාරයා එක්ක ආදරෙන් බැදුණා. අවසාන ආත්මෙදිත් ආදරෙන් බැදිලා සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මුණ දවසෙ යශෝධරා දේවිය කාටත් පොදු ඒ විරහ වේදනාව අත්වින්දා. ඒත් මොහොතකටවත් ඇය උන්වහන්සෙ ගැන අහිතක් හිතුවෙ නෑ.
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා
ආදරේ කරද්දි තමන්ගෙ සතුට ගැන හිතනවට වඩා අපි හිතන්න ඔිනෙ අනිත් කෙනාගෙ සතුට ගැන. එයාගෙ සතුට ඔයා ළග නැත්නම් ඒ කෙනාට යන්න දෙන්න. ආදරේ කවදාවත් බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම ලබාගත්තත් ඒ සතුට තාවකාලිකයි.
මතක තියාගන්න හැමදේම අස්ථීර ලෝකෙක කවදාවත් ආදරය විතරක් ස්ථාවර වෙන්නෙ නෑ. ඒ නිසා විරහව වේදනාවක් කරගන්න එපා. ඔයා දුකින් උනාට ඔයා ආදරේ කරපු කෙනා හරි සතුටින් ඉන්නවා නම් ඒක කොච්චර දෙයක්ද. ඇයි ඔයාට බැරි එහෙම හිතන්න? ආදරය කියන්නෙ ඒ සිතුවිල්ලට නේද? එතකොට ඔයාට විරහව වුනත් විදින්න පුළුවන්. එහෙම වුණොත් කවදාවත් ආදරය නිසා ජීවිතය අත් හරින්න එහෙමත් නැත්තන් තමන් ආදරය කරන කෙනාගෙ ජීවිතය උදුරගන්න ඔයා පෙළඹෙන එකක් නෑ. මොකද ආදරය කියන්නෙ ඒ තරමටම පිවිතුරු හැගීමක් නිසා...
Thursday, August 4, 2016
එකැස් අම්මාගෙන් පුතුට ලිපියක්
ඇත්ත සුදු පුතේ මට එක ඇහැක් තිබුණෙ නෑ..
ඉස්සරත් මා එක්ක පාරෙවත් ගියේ නෑ..
උඹට ලැජ්ජයි නේද මට ඒකේ වගක් නෑ..
ඒත් මගෙ පුතේ උඹ එක දෙයක් දන්නෙ නෑ..
ලෝකයට මං උඹගෙ වැඩකාරි වූවාට..
සැප සොයා මා දමා සිදාදියෙ ගෑටුවට..
උඹෙ කටින් මට පුතේ අඳ ගෑණි කිව්වාට..
උඹෙ කටින් මට පුතේ අඳ ගෑණි කිව්වාට..
උඹ නිසයි එක ඇහැක් අහිමි වුණෙ අම්මාට..
ඉස්සරම දවසක් අදත් මතකයෙ ඇතී..
ඉස්සරම දවසක් අදත් මතකයෙ ඇතී..
හුගක් පුංචියි උඹට නම් අමතකත් ඇතී..
සෙල්ලමට උඹ කළා දගකාරකම් නිතී..
කෝටුවක් ඇනී එක ඇහැක් වූවා නැතී..
උඹව මට ඇස් දෙකක් මුළු මහත් ලෝකයක්..
උඹේ දුක සුදු පුතේ වගෙයි මට මහමෙරක්..
දරන්නට බැරිවුණා අහිමි බව උඹෙ ඇහැක්..
ඒ නිසයි මගෙ ඇහැක් දුන්නෙ මං නෑ දොසක්..
මං උඹගෙ අම්මා බව ලෝකයට නොකිව්වත්..
වෛරයක් නෑ පුතේ මගේ තුන් හිතකවත්..
එක ඇහැක් නැති මාව උඹට වදයක් වුනත්..
දෙන්න බැරි දෙයක් නෑ උඹ නමින් මට තවත්..
මරුණු දවසක වුනත් මා සොයා ආවොතින්..
දැනගන්න මං මෙහෙම ලියන්නම් සිත තොසින්..
එපා පසුතැවෙන්නට උඹෙ අම්මා නැති සොවින්..
තියෙනකන් දිවිය උඹෙ දෙනෙත් යුග රැකගනින්..
Subscribe to:
Posts (Atom)